AFC Banner
Empty Ad
Empty Ad

සජබය අද කොළඹට ලක්ෂයක් ගෙන ඒමේ මෙහෙයුමක

සමගි ජනබලවේගය සංවිධානය කරනු ලබන ‘රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ.’’ යන තේමාව යටතේ වූ උද්ඝෝෂණය අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දීම ජනතාව රැස්වී කොල්ලුපිටිය මන්සන්ධියට පාගමනින් පැමිණ මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇත. විරෝධතාව පස්වරු 2.00ට ආරම්භ කිරීමට නියමිතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවට සමගි ජනබලවේගයට සහයෝගය පළ කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් එක්වීමට නියමිත බව මේ පිළිබඳව ඊයේ ජනමාධ්‍ය හමුවකදී අදහස් පළ කළ සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කළේ.

මෙම ආණ්ඩු විරෝධී දැවැන්ත විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් ලක්ෂයක ජනතාවක් අද දිනයේ කොළඹට රැගෙන එන බවද මන්ත්‍රිවරයා මෙහි දී සඳහන් කළේ.

අද ආරම්භ කරන මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා තවත් නගර ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනබවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?