සජබය අද කොළඹට ලක්ෂයක් ගෙන ඒමේ මෙහෙයුමක

සමගි ජනබලවේගය සංවිධානය කරනු ලබන ‘රට විනාසයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බෑ.’’ යන තේමාව යටතේ වූ උද්ඝෝෂණය අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දීම ජනතාව රැස්වී කොල්ලුපිටිය මන්සන්ධියට පාගමනින් පැමිණ මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇත. විරෝධතාව පස්වරු 2.00ට ආරම්භ කිරීමට නියමිතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම විරෝධතාවට සමගි ජනබලවේගයට සහයෝගය පළ කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන් එක්වීමට නියමිත බව මේ පිළිබඳව ඊයේ ජනමාධ්‍ය හමුවකදී අදහස් පළ කළ සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කළේ.

මෙම ආණ්ඩු විරෝධී දැවැන්ත විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් ලක්ෂයක ජනතාවක් අද දිනයේ කොළඹට රැගෙන එන බවද මන්ත්‍රිවරයා මෙහි දී සඳහන් කළේ.

අද ආරම්භ කරන මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා තවත් නගර ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වනබවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53