සජබයේ තවත් ආසන සංවිධායකවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජනබලවේගයේ තවත් ආසන සංවිධායකවරුන් දෙනෙක් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව දඹුල්ල ආසන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පළාත් අමාත්‍ය චම්පික විජේරත්න සහ මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලු‍විහාරේ එම තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ද, රත්තොට ආසන සංවිධායක ධුරයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු‍විහාරේ ද මීට පෙර ඉල්ලා අස්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
32
+1
1
+1
2
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?