AFC Banner
AFC Banner
Empty Ad

සඟවා තිබූ ගිනි අවි දෙකක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා.

පුතූර් රක්ෂිත ප්‍රදේශයේ සහ මඩු රක්ෂිතයේ මෙම වැටලීම් සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුතූර් රක්ෂිතයේ කළ වැටලීමකින් ගසක් මුල සගවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

එය වැඩිදුර විමර්ශන සඳහා පුලියන්කුලම පොලිසියට භාරදී ඇති අතර සැකකරුවන් පිළිබඳ තොරතුරක් අනාවරණ වී නැහැ.

මේ අතර මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව මඩු රක්ෂිත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇති අතර සැකකරුවන් කිසිවෙකුත් අනාවරණ වී නැහැ.

ගිනි අවිය වැඩිදුර විමර්ශන සඳහා අඩම්පන් පොලිසියට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන එම පොලිස් ස්ථානය මගින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?