සඟවා තිබූ ගිනි අවි දෙකක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා.

පුතූර් රක්ෂිත ප්‍රදේශයේ සහ මඩු රක්ෂිතයේ මෙම වැටලීම් සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුතූර් රක්ෂිතයේ කළ වැටලීමකින් ගසක් මුල සගවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

එය වැඩිදුර විමර්ශන සඳහා පුලියන්කුලම පොලිසියට භාරදී ඇති අතර සැකකරුවන් පිළිබඳ තොරතුරක් අනාවරණ වී නැහැ.

මේ අතර මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව මඩු රක්ෂිත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන ඇති අතර සැකකරුවන් කිසිවෙකුත් අනාවරණ වී නැහැ.

ගිනි අවිය වැඩිදුර විමර්ශන සඳහා අඩම්පන් පොලිසියට භාරදී ඇති අතර වැඩිදුර විමර්ශන එම පොලිස් ස්ථානය මගින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36