සංචාරයට ආ තරුණ පිරිසක් රැගත් වෑන් රියක් ප්‍රපාතයකට පෙරළී 08කට බරපතළයි (වීඩියෝ)

මාතර සිට නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 08 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සංචාරයක් සඳහා මෙම තරුණයින් පිරිස රැගත් වෑන් රථයක් පැමිණ ඇති බවත් එය අද (10) අලුයම 05ට පමණ අඩි 70ක් පමණ පහළට පෙරළී ගොස් ඇති බවත් වාර්තා වනවා.

මේ වනවිට තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේදීය.

අනතුරින් තුවාල ලැබූ පිරිස ඩෙස්පෝඩ් ප්‍රදේශයේ වතුකම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන රෝහල්ගත කිරිමට පියවර ගෙන තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?