සංචාරකයින් රැගත් රථයකට වනඅලි ප්‍රහාරයක්

බුත්තල – කතරගම මාර්ගයේ දී සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයකට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ග කොටසේ දියි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

වන අලියා මාර්ගය හරස් කරමින් බස් රථයේ ඉදිරියට පැමිණ පැති වීදුරුව කඩා බිඳ දමා තිබෙනවා.

වනඅලියාගේ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදු නොවුණ ද රථයට නම් දැඩි අලාභ හානි සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඇතැම් සංචාරකයින් මෙම මාර්ගයේ දී වනඅලින්ට ආහාර ද්‍රව්‍ය ලබා දීමට හුරුවීම හේතුවෙන් මෙලෙස බොහෝ අවස්ථාවල දී වනඅලි මාර්ගය හරස් කරමින් කෑම බීම ඉල්ලීමට පුරුදු වී සිටිනවා.

කෑම බීම ලබා නොදුන්නහොත් මාර්ගයේ යන රථවලට පහර දීම සිදු වන බැවින් වනඅලින් හට ආහාර ලබා නොදෙන ලෙසත්, ඔවුන් සමීපයට ම ගොස් ඡායාරූප නො ගන්නා ලෙසටත් වනජීවී නිලධාරීන් සංචාරකයින්ට සේම රියදුරන්ට අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?