සංචාරකයින් රැගත් රථයකට වනඅලි ප්‍රහාරයක්

බුත්තල – කතරගම මාර්ගයේ දී සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයකට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ග කොටසේ දියි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

වන අලියා මාර්ගය හරස් කරමින් බස් රථයේ ඉදිරියට පැමිණ පැති වීදුරුව කඩා බිඳ දමා තිබෙනවා.

වනඅලියාගේ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදු නොවුණ ද රථයට නම් දැඩි අලාභ හානි සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඇතැම් සංචාරකයින් මෙම මාර්ගයේ දී වනඅලින්ට ආහාර ද්‍රව්‍ය ලබා දීමට හුරුවීම හේතුවෙන් මෙලෙස බොහෝ අවස්ථාවල දී වනඅලි මාර්ගය හරස් කරමින් කෑම බීම ඉල්ලීමට පුරුදු වී සිටිනවා.

කෑම බීම ලබා නොදුන්නහොත් මාර්ගයේ යන රථවලට පහර දීම සිදු වන බැවින් වනඅලින් හට ආහාර ලබා නොදෙන ලෙසත්, ඔවුන් සමීපයට ම ගොස් ඡායාරූප නො ගන්නා ලෙසටත් වනජීවී නිලධාරීන් සංචාරකයින්ට සේම රියදුරන්ට අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05