ලෝකයේ විවිධ රටවල්වලින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙරට දී මුහුණ දීමට සිදුවන විවිධ අඩත්තේට්ටම් සහ හිරිහැර ක්‍රියාවන්ට විරුද්ධව එම සංචාරකයින් මෙරට දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.
සංචාරකයෙක් ඉතා කෙටි කාලයක් මෙරට රැඳී සිටින නිසාවෙන් ඔවුන් මෙලෙස නීතිය ඉදිරියට පැමිණීමේ අඩුවක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව සංචාරකයින් සම්බන්ධයෙන් පැන නඟින ගැටළුවලදී ඉතා කඩිනමින් අධිකරණ තීන්දුවලට එළඹිය හැකි ක්‍රමවේදයක් පිළිබදව මේ වන විට සාකච්චා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1



