AFC Banner
Empty Ad
Empty Ad

සංචාරකයින් ගැන ඕස්ට්‍රේලියාව ගත් තීරණය

සියලුම වීසා බලපත් හිමියන් සඳහා ලබන 21 වනදා සිට දේශසීමා විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු රජය අද තීරණය කර තිබෙනවා. එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්ය බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ලබන අතර නිරෝධායන රෙගුලාසි සංශෝධන සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ධාරිතාවයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමද ඔවුන්ටම පවරා ඇත.

විවිධ කරුණු මත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් සඳහන් කර ඇත.

එන්නත්කරණයෙන් තොරව පැමිණෙන කවරෙකු හෝ ඊට අදාළ නිසි වෛද්‍ය සාක්ෂි රැගෙන ආ යුතු බවද ඇය සඳහන් කර සිටියේ.

පසුගිය නොවැම්බර් 01 වනදා අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීමෙන් පසු මේ දක්වා ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රටට පැමිණ ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?