සංචරණ සීමා කඩ කරන්නෙ බලාගෙනයි.. කැරම් බෝඩ් ඔලුවේ තියන් දුවන්නයි වෙන්නෙ

නීති කැඩූවන් පොලිසියට කොටු වුනු හැටි මෙන්න

සංචරණ සීමා කඩ කරන්නන් සොයා දිවයින පුරා මාර්ග බාධක 600 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලබන 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස සංචරණ සීමා පැනවීමත් සමඟ මාර්ග සෝදිසි කිරීම් ඉහළ නංවා ඇති බවයි.

25 වනදා අලුයම 4 ට පැය 19 ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර යළි එදිනම රාත්‍රී 11 ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා.

එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4 ටයි.

කෙසේ වෙතත්, සංචරණ සීමා පැනවූ කාලයේදී අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිවෙස්වලින් බැහැර වීමට අවසර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

සංචරණ සීමා ක්‍රියාත්මක වුව ද ලබන 24, 25, 27 සහ 28 යන දිනයන්හි ගොවීන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙනවා.

සංචරණ සීමා පැනවුව ද, ධීවර කටයුතු සහ මත්ස්‍ය තොග වෙළඳාම බාධාවක් නොමැතිව කරගෙන යාමට මේ වනවිටත් අවස්ථාව සලසා ඇති බවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ අද සංචාරයක නිරත වෙමින් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

මේ අතර, නැවත දැනුම්දෙනතුරු අප්‍රේල් 5 වනදා හෝ ඊට පසු නිකුත් කළ මෙන්ම, වසංගත කාලය තුල ඉදිරියේදී නිකුත් කරන රථ වාහන දඩ පත්‍රිකා සඳහා සම්මත දින 14 ඉක්මවා ගිය ද අතිරේක දඩ මුදලක් රහිතව ගෙවීම් සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න නිවේදනය කළේ දිවයින පුරා ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයකින් එම දඩ පත්‍රිකා ගෙවීමට හැකියාව පවතින බවයි.

මේ අතර, කෘෂිකාර්මික කටයුතුවලට අවසර හිමිව තිබීම නිසා පොළොන්නරුව, ඕනෑගම – වෙහෙරගොඩ ගොවීන් පිරිසක් අද දිනයේ වෙහෙරගොඩ වෙල්යායේ ගොවිතැන් කටයුතු ආරම්භ කළා.

කෙසේ වෙතත්, ඔවුන්ට ඒ සඳහා වනජිවි දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණේ නැහැ. එහෙත් ගොවීන් සඳහන් කළේ ජනාධිපතිවරයා පසුගියදා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී ගොවිතැන් කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කිරීම නිසා තමන් ගොවිතැන් කටයුතු ආරම්භ කළ බවයි.මේ අතර සංචරණ සීමා කඩ කළ පිරිස් වෙත පොලිසිය අපූරූ දඬුවම් ලබා දෙන අයුරු ද දකින්නට ලැබුණා.

https://youtu.be/i6gaVRIJErM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21