සංගීත් නිපුන් සනත් නන්දසිරි දැයට සමුදෙයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් සිදු කළ ප්‍රවීණ සංගීතඥ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා.

අද පෙරවරු 8.30වන තෙක් ඇඹුල්දෙණිය පළමු පටුමගේ එතුමන්ගේ නිවසේ තැන්පත් කර තැබූ දේහය පෙරවරු 10ට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට රැගෙන ආවා.

දහවල් 12.30 සිට සවස 3 දක්වා දේහය තැන්පත් කර තැබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේයි.

අනතුරුව බොරැල්ල කනත්ත පොදු සුසාන භූමිය දක්වා රැගෙන එනු ලැබූ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරුණා.

එම අවස්ථාවට ගායක ගායිකාවන්, කලාකරුවන්, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

කලක් රෝගාතුරව සිටි 81 වැනි වියේ පසු වූ සනත් නන්දසිරි මහතා පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වුණේ තම නිවසේදී.

සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි කුලපතිවරයා ලෙස කටයුතු කළා.

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ගෞරව මහාචාර්ය පදවියකින් ද ඔහු පිදුම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?