AFC Banner
AFC Banner
Empty Ad

සංගීතයේ කාලය තව වැඩි කරන්න – පිරිසක් රාජාංගණයේ විරෝධතාවයක

රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ මේ දිනවල පැවැත්වෙන සංගීත සැණකෙළි මාලවක, සංගීත ප්‍රසංග සඳහා රාත්‍රියේ ලබාදෙන කාලය වැඩිකර දෙන ලෙස ඉල්ලා පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

සංගීත සැණකෙළි භූමියේ වෙළෙඳසැල්, ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින් සහ ගම්වාසීන් එක්ව රාජාංගණ – පුත්තලම පාර හන්දියේ දී මෙම උද්ඝෝෂණයක පැවැත්වූවා.

විරෝධතාකරුවන් පවසන්නේ රාත්‍රී 10.00 වන විට සංගීත ප්‍රසංගය අවසන් කළ යුතු බවට රාජාංගණය පොලිසිය විසින් කර ඇති නියෝගය හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයකට පත්වන බවයි.

මෙම සංගීත සැණකෙළිය තුළින් තමන්ට අදායමක් ලැබෙන බවත් ප්‍රසංගයේ කාලසීමාව අඩු කිරීම හේතුවෙන් එලෙස උපයාගත හැකි ආදායම විශාල වශයෙන් අඩුවන බවත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් පවසා සිටියා.

ඒ, අනුව තමන්ට විශාල පාඩුවක් විඳ දරාගැනීමට සිදුව ඇති බවත් විරෝධතාකරුවන් මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
14
+1
1
+1
3
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?