සංග්‍රාමික ඉංජිනේරු සම්මන්ත්‍රණය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

වේගවත් තාක්‍ෂණික වෙනස්වීම්, පරිණාමය වෙමින් පවතින තර්ජන සහ සංකීර්ණ ගෝලීය අභියෝග මගින් අර්ථ දක්වා ඇති යුගයක, අනුවර්තනය වීමේ හැකියාව විකල්පයක් පමණක් නොව එය අවශ්‍යතාවයක් බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසනවා.

ඊයේ (03) කොළඹ ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණය අමතමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්මන්ත්‍රණ පරිශ්‍රය වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ ඉංජිනේරු බලකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා.

“Adapting for the Future: Strategic Approaches of the Corps of Sri Lanka Engineers Blueprint for the Evolving Geostrategic Landscape” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණා.

ජාතිය ගොඩනැගීමේදී ඉංජිනේරු බලකායේ අත්‍යවශ්‍ය කාර්යභාරය නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කතාවේදී අවධාරණය කළ අතර, පාරිසරික ගැටලුවලින් ඔබ්බට සමාජ පරිවර්තනය පිළිබඳ පුළුල් දැක්මක් දක්වා විහිදෙන රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල පිළිබදව ද, ඔහු මෙහිදී අදහස් දැක්වූවා.

යටිතල පහසුකම් සංවර්ධනය සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉංජිනේරු විශේෂඥතාව උපයෝගී කර ගැනීමට ඉංජිනේරුවන් අද්විතීය ලෙස ස්ථානගත වී ඇති බව ද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්, මානුෂීය ආධාර, ආපදා සහන මෙහෙයුම් සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් ඉංජිනේරු බලකාය විසින් ඉටු කරන අතර, ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම් සහ මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා විශේෂඥතාව සඳහා වන ඉහළ ඉල්ලුම පිළිබඳව ඔහු තවදුරටත් අවධානය යොමු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?