ෂැංහයි සහයෝගීතා සමුලුව ඇරඹෙයි – සමුලුවට සමගාමීව මෝදි ලෝක නායකයින් රැසක් හමුවෙයි

එක්සත් ජනපදයට අභියෝගයක් වන නව ගෝලීය ආරක්ෂක න්‍යාය පත්‍රයක් සඳහා වූ තම අභිලාෂය හෙළි කරමින්, කලාපීය ආරක්ෂක සංසදය නව තලයකට ගෙන යාම සඳහා චීනය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සියලුම පාර්ශවයන් සමඟ කටයුතු කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළා.

ෂැංහයි සහයෝගිතා සංවිධානය නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සඳහා ආදර්ශයක් සකසා ඇති බව උතුරු චීනයේ ටියැන්ජින් හි පැවති දෙදින සමුළුවේදී ලෝක නායකයින් 20 කට වැඩි පිරිසක් අමතමින් ආරම්භක දේශනයේදී ෂී පැවසුවා.

සංසදය බාහිර මැදිහත්වීම්වලට නිසැකවම විරුද්ධ වන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කළා.
රුසියානු ජනාධිපතිව්ලැඩිමීර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම මධ්‍යම ආසියාව, මැදපෙරදිග, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාවේ අනෙකුත් නායකයින් ගෝලීය දකුණු සහයෝගීතාවයේ ප්‍රධාන සංදර්ශනයක් ලෙස සමාරම්භක උත්සවයට සහභාගී වී සිටියා.
මේ අතර ඊයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේ පිළිගැනීමේ උත්සවයට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි ලෝක නායකයින් රැසක් හමුවූ අතර එහිදී ආරක්ෂක, වෙළඳාම, බලශක්තිය සහ සංස්කෘතිය හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං සහ ජනාධිපති ආර්යාව, පෙන්ග් ලියුවාන් විසින් පවත්වන ලද නිල පිළිගැනීමේ උත්සවයේදී අගමැති මෝදි ඔවුන් දෙපළ සමඟ සුබ පැතුම් හුවමාරු කරගත්තා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුලු අග්නිදිග ආසියාවේ, මධ්‍යම ආසියාවේ සහ යුරේසියාවේ නායකයින් සමඟ අන්තර් ක්‍රියා කළ අගමැති මෝදි, විවිධ අංශවල සහයෝගීතාව පුළුල් කිරීමට ඉන්දියාවේ කැපවීම ඉස්මතු කළා.

ඔහු වියට්නාම අගමැති ෆම් මින් චින් සමඟ ඉතා ඵලදායී සංවාදයක් පැවැත්වූ අතර, ආරක්ෂක, වෙළඳාම සහ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව ගැඹුරු කිරීමට ඉන්දියාවේ උනන්දුව අවධාරණය කර තිබෙනවා.

නිල පිළිගැනීමේ උත්සවයේ දී ව්ලැදිමීර් පුටින් හමු වූ අගැමති මෝදි ඔහු බදා වැළඳගන්නා ඡයාරූපයක් සිය x ගිණුම ඔස්සේ බෙදා ගනිමින් පැවසුවේ හැමවිටම පුටින් ජනාධිපතිවරයා හමුවීම සතුටක් බවයි.

ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර නිල ද්විපාර්ශ්වික හමුව අද පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54