AFC Banner
Empty Ad
Empty Ad

ෂාෆ්ටර්ගේ මරණයට හරිම හේතුව අද ප්‍රකාශයට පත් කෙරේ

පසුගිය වසරේ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

මෙම මරණයට හේතුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

බොරැල්ල කනත්තේ දී සිය මෝටර් රථය තුළ දී මියගොස් සිටි ෂාෆ්ටර්ගේ දේහය සොයා ගැනුණේ එහි සේවකයින් විසින්.

මෙම මරණයට හේතුව සොයා බැලීමට පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක් පත් කෙරුණු අතර, ඔවුන් විසිනුයි මුද්‍රා තැබූ වාර්තාව ඊයේ අධිකරණයට භාර කෙරුණේ.

එමෙන්ම ෂාෆ්ටර්ගේ දේගය එළඹෙන 04 වැනි දින ජාවත්ත සුසාන භූමියේ දී භූමදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට භාරදෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම මෙම දේහය සුසාන භූමිය දක්වා ගෙනැවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බොරැල්ල පොලිසියට නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?