ෂාෆ්ටර්ගේ මරණයට හරිම හේතුව අද ප්‍රකාශයට පත් කෙරේ

පසුගිය වසරේ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

මෙම මරණයට හේතුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.

බොරැල්ල කනත්තේ දී සිය මෝටර් රථය තුළ දී මියගොස් සිටි ෂාෆ්ටර්ගේ දේහය සොයා ගැනුණේ එහි සේවකයින් විසින්.

මෙම මරණයට හේතුව සොයා බැලීමට පංච පුද්ගල විද්වත් වෛද්‍ය කමිටුවක් පත් කෙරුණු අතර, ඔවුන් විසිනුයි මුද්‍රා තැබූ වාර්තාව ඊයේ අධිකරණයට භාර කෙරුණේ.

එමෙන්ම ෂාෆ්ටර්ගේ දේගය එළඹෙන 04 වැනි දින ජාවත්ත සුසාන භූමියේ දී භූමදානය කිරීම සඳහා පවුලේ ඥාතීන්ට භාරදෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම මෙම දේහය සුසාන භූමිය දක්වා ගෙනැවිත් එය භූමිදානය කරන තෙක් අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සලසන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බොරැල්ල පොලිසියට නියෝග කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32