AFC Banner
AFC Banner
Empty Ad

ෂම්මිගේ යෝජනාවෙන් ජේ ෂා යළිත් ආසියානු ක්‍රිකට් සභාපති පුටුවට

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් ජේ ෂා පත්ව තිබෙනවා.

ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස පත් වූ තුන්වන අවස්ථාව මෙයයි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වයට ජේ ෂාගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් දෙවැනි වරටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කවුන්සිලයේ සියලුම සාමාජිකයන් විසින් අදාළ යෝජනාව ඒකමතිකව අනුමත කරන ඇති බව සදහන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුර ද හොබවන ජේ ෂා 2021 වසරේ ජනවාරි මාසයේ දී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස ප්‍රථම වරට තේරී පත්වුණා.

“ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් මම කෘතඥ වනවා. ක්‍රීඩාව තවමත් ළදරු අවධියේ පවතින කලාප කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනය සහතික කිරීමට අප කැපවී සිටිය යුතුයි. ආසියාව පුරා ක්‍රිකට් පෝෂණය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය කැපවී සිටිනවා.”යනුවෙන් යළිත් වරක් එම තනතුරට පත් වීමෙන් පසු ජේ ෂා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?