ෂකීබ්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තහනමක්

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට දේශීය, ජාත්‍යන්තර සහ සියලුම ඉහළ පෙළේ ක්‍රිකට් තරගවල දී පන්දු යැවීම තහනම් කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (15) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

ෂකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්වේ පවතින සැක සහිත තත්ත්වයක් හේතුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් ද මීට පෙර ඔහුගේ පන්දු යැවීම අත්හිටුවීමට කටයුතු කළා.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුර පන්දු යැවීමේ සැක කටයුතු ක්‍රියාවක් සම්බන්ධයෙන් වාර්තා වීමෙන් පසුව ඔහුව ලෝබරෝ විශ්ව විද්‍යාලයේ දී පරීක්ෂණයකට ලක් කෙරුණා.

ෂකීබ් අල් හසන් එම පරීක්ෂණය අසමත්වී ඇති අතර, ඒ අනුව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය ඔහුට පන්දු යැවීම තහනම් කළා.

නීති විරෝධී පන්දු යැවීමේ ක්‍රියාවන් සඳහා ICC හි රෙගුලාසිවල 11.3 වගන්තියට අනුව, ජාතික සම්මේලනයක් ක්‍රීඩකයෙකුව තම දේශීය තරඟවලදී පන්දු යැවීම අත්හිටුවන විට, එම තහනම ICC විසින් ස්වයංක්‍රීයව පිළිගෙන ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා ද බලාත්මක කරනු ලබනවා.

ඒ, අනුවයි ඔහුට මෙලෙස දේශීය, ජාත්‍යන්තර සහ සියලුම ඉහළ පෙළේ ක්‍රිකට් තරගවල දී පන්දු යැවීම තහනම් කර ඇත්තේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ පිළිගත් පරීක්ෂණ මධ්‍යස්ථානයක සිදුකරන පරීක්ෂණයකට මුහුණ දීමෙන් පසු ෂකිබ් ඔහුගේ තහනම ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?