ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේ ටිකට්පත් අලෙවිය ගැන තීරණයක්

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රවේශපත් අලෙවිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව අවසන් මහා තරඟයේ ප්‍රවේශපත් තරඟයට දින හතරකට පෙර අලෙවි කිරීම ආරම්භ කරන බවයි ඔවුන් පවසන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාර්තු 04 වන දින පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරඟය අවසන් වීමෙන් පසුව අවසන් මහා තරඟය සඳහා ප්‍රවේශපත් අලෙවිය ආරම්භ කරන බවයි.

කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් පෙබරවාරි 19 වන දින ආරම්භවන තරඟාවලියේ අවසන් මහා තරගය මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ සඳහා පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවර ශූරයින්ගේ කුසලානය දෙමුහුන් ආකෘතියක් යටතේ පාකිස්තානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සුදුකම් ලැබුවහොත් අවසන් තරගය ඩුබායි හිදී පැවැත්වෙන අතර, ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබුවොත් එම තරගය පාකිස්තානයේ ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානයේ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් අලෙවි අද (28) දිනයේ සිට ආරම්භ කරන බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඩුබායි හිදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් අලෙවිය පිළිබඳව තවමත් දැනුම්දීමක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?