ශූරයින්ගේ කුසලානයේ දෙවැනි ශූරතාව සොයා කිවියන් ඉන්දියාවට එරෙහිව පිටියට

චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර යි.

තරගය අද පස්වරු 02.30ට ඩුබායි හි දී ඇරඹෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය චැම්පියන්ස් කුසලානයක අවසන් මහා තරගයට පිවිසිය දෙවැනි අවස්ථාව මෙය වනවා.

මීට පෙර ඔවුන් දෙපාර්ශ්වය ම 2000 වර්ෂයේ දී චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසි අතර එහිදී ශූරයින් බවට පත් වූයේ නවසීලන්තය යි.

ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරග 119ක් පවත්වා ඇති අතර එහි වැඩිමනත් ජයග්‍රහණ ඉන්දියාව සතු වී තිබෙනවා.

ඉන්දියාව තරග 61ක් දිනා තිබෙනවා.

නවසීලන්තය තරග 50ක් ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරවත් තරග 07ක් කිසිදු ප්‍රතිඵලයකින් තොරව ද අවසන් වී තිබෙනවා.

මේ වනවිට චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියාව අනුශූරතා දෙකක් ද ශුරතා 02ක් ද ජයග්‍රහණය කර තිබෙනවා.

නවසීලන්තය අනු ශූරතාවක් සහ එක් ශූරතාවක් ද චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ තමන් සතු කරගැනීම අද තරගයේ ශූරයින් තීරණය කිරීමේ දී වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?