ශූරයින්ගේ කුසලානයේ දෙවැනි ශූරතාව සොයා කිවියන් ඉන්දියාවට එරෙහිව පිටියට

චැම්පියන්ස් කුසලාන අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර යි.

තරගය අද පස්වරු 02.30ට ඩුබායි හි දී ඇරඹෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය චැම්පියන්ස් කුසලානයක අවසන් මහා තරගයට පිවිසිය දෙවැනි අවස්ථාව මෙය වනවා.

මීට පෙර ඔවුන් දෙපාර්ශ්වය ම 2000 වර්ෂයේ දී චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට පිවිසි අතර එහිදී ශූරයින් බවට පත් වූයේ නවසීලන්තය යි.

ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරග 119ක් පවත්වා ඇති අතර එහි වැඩිමනත් ජයග්‍රහණ ඉන්දියාව සතු වී තිබෙනවා.

ඉන්දියාව තරග 61ක් දිනා තිබෙනවා.

නවසීලන්තය තරග 50ක් ජයගෙන ඇති අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරවත් තරග 07ක් කිසිදු ප්‍රතිඵලයකින් තොරව ද අවසන් වී තිබෙනවා.

මේ වනවිට චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියාව අනුශූරතා දෙකක් ද ශුරතා 02ක් ද ජයග්‍රහණය කර තිබෙනවා.

නවසීලන්තය අනු ශූරතාවක් සහ එක් ශූරතාවක් ද චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ තමන් සතු කරගැනීම අද තරගයේ ශූරයින් තීරණය කිරීමේ දී වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26