ශූරයින්ගේ කුසලානයෙන් සත්කාරකයින් කලින්ම විසිවෙයි

2025 චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට ඊයේ (24) සිදු වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (24) පැවති තරගයෙන් කඩුලු පහක ජයක් නවසීලන්තය හිමිකර ගැනීමත් සමඟයි.

මෙම තරග පරාජයෙන් පසු බංග්ලාදේශ කණ්ඩායමටත් මෙවර චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිවීමට සිදු වුණා.

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති බංග්ලාදේශ, නවසීලන්තය තරගය රාවල්පින්ඩි හිදී පැවති අතර, තරගයේ කාසියේ වාසිය හිමිකර ගත්තේ නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුඅවර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 236ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 237 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය එම ඉලක්කය පන්දුවාර 46යි පන්දු 01ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර ගොස් තරගය ජයගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ නවසීලන්ත කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබාගැනීමට ද හැකියාව ලැබුණා.

මේ අතර A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා ඉන්දීය කණ්ඩායම ද සුදුසුකම් ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?