ශූරයින්ගේ කුසලානයෙන් සත්කාරකයින් කලින්ම විසිවෙයි

2025 චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියෙන් ඉවතට විසිවීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායමට ඊයේ (24) සිදු වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ (24) පැවති තරගයෙන් කඩුලු පහක ජයක් නවසීලන්තය හිමිකර ගැනීමත් සමඟයි.

මෙම තරග පරාජයෙන් පසු බංග්ලාදේශ කණ්ඩායමටත් මෙවර චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිවීමට සිදු වුණා.

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති බංග්ලාදේශ, නවසීලන්තය තරගය රාවල්පින්ඩි හිදී පැවති අතර, තරගයේ කාසියේ වාසිය හිමිකර ගත්තේ නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුඅවර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 236ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 237 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය එම ඉලක්කය පන්දුවාර 46යි පන්දු 01ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර ගොස් තරගය ජයගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟ නවසීලන්ත කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුකම් ලබාගැනීමට ද හැකියාව ලැබුණා.

මේ අතර A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා ඉන්දීය කණ්ඩායම ද සුදුසුකම් ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58