ශාෆ්ටර්ගේ මරණයේ සාක්ෂි කැඳවීම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළ හේතුව මහේස්ත්‍රාත්වරිය පහදයි

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළා.

අදාළ පරීක්ෂණය අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියා.

මෙම මරණයට අදාළව විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදු කරන ලෙස මියගිය අයගේ පාර්ශවයෙන් ද ඉල්ලීමක් ලැබුණු බව මහේස්ත්‍රාත්වරිය පැවසූවා.

ඒ, නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිය නිල කාමරය තුළ පැවත්වීමට තීන්දු කළ බවත් ඇය මෙහිදී කියා සිටියා.

එමෙන්ම දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට අදාළ විමර්ශන වලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී තිබෙන බවත් මහේස්ත්‍රාත්වරිය අද සඳහන් කළ අතර, මෙම මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සිදු කෙරුණු අතර එහි දී මියගිය ශාෆ්ටර්ගේ සොහොයුරා ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 08 වනදා දක්වා කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58