ශාන් පුතාගේ විදෙස් ගමන් තහනම ඉවතට

ශාන් පුතා නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කර දෙන ලෙස කළ ඉල්ලීම පිළිගත් මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සති දෙකකට ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතා විසින් බීආර්1628/25 දරණ නඩුව සඳහා ගොනු කරන ලද මෝසමක් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ ශාන් පුතාට එරෙහිව කොට්ඨාස අපරාධ අංශය විසින් පනවන ලද විදේශ ගමන් තහනමක් ඇති බවයි.

ශාන් පුතාට ප්‍රසංග සඳහා විදෙස්ගත වීමට ඇති බැවින් ඒ සඳහා අධිකරණයේ අවධානය යොමු කර එම තහනම ඉවත් කර දෙන මෙන් ඉල්ලා සිටියා.

ශාන් පුතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතා, නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, සහ නීතිඥ රංගජීවන් විදාන පතිරණ යන මහත්වරුන් පෙනී සිටියා.

ඒ අනුව එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ශාන් පුතාගේ විදේශ ගමන් තහනම අප්‍රේල් 29 දින සිට ලබන මැයි මස 16 වන දින දක්වා අවලංගු කරන බවත්, ඒ බව ෆැක්ස් මගින් ආගමන විගමන පාලක වෙත දන්වා යවන ලෙසත් නියෝග කළා.

මේ අතර දසත ප්‍රවෘත්ති අංශය කළ වැඩිදුර විමසීමක දී ශාන් පුතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ මහතා පැවසුවේ මැයි මස 10 වැනි දින විදෙස් ප්‍රසංගය නිමා කරමින් සිය සේවාදායකයා දිවයිනට පැමිණෙන බවත් මැයි මස 16 වැනි දින සිට විදෙස් ගමන් තහනම යළිත් ක්‍රියාත්මක වන බවත් තම සේවාදායකයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?