ශාන් පුතාගේ විදෙස් ගමන් තහනම ඉවතට

ශාන් පුතා නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කර දෙන ලෙස කළ ඉල්ලීම පිළිගත් මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා සති දෙකකට ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතා විසින් බීආර්1628/25 දරණ නඩුව සඳහා ගොනු කරන ලද මෝසමක් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (29) කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ ශාන් පුතාට එරෙහිව කොට්ඨාස අපරාධ අංශය විසින් පනවන ලද විදේශ ගමන් තහනමක් ඇති බවයි.

ශාන් පුතාට ප්‍රසංග සඳහා විදෙස්ගත වීමට ඇති බැවින් ඒ සඳහා අධිකරණයේ අවධානය යොමු කර එම තහනම ඉවත් කර දෙන මෙන් ඉල්ලා සිටියා.

ශාන් පුතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතා, නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ, සහ නීතිඥ රංගජීවන් විදාන පතිරණ යන මහත්වරුන් පෙනී සිටියා.

ඒ අනුව එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ශාන් පුතාගේ විදේශ ගමන් තහනම අප්‍රේල් 29 දින සිට ලබන මැයි මස 16 වන දින දක්වා අවලංගු කරන බවත්, ඒ බව ෆැක්ස් මගින් ආගමන විගමන පාලක වෙත දන්වා යවන ලෙසත් නියෝග කළා.

මේ අතර දසත ප්‍රවෘත්ති අංශය කළ වැඩිදුර විමසීමක දී ශාන් පුතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ මහතා පැවසුවේ මැයි මස 10 වැනි දින විදෙස් ප්‍රසංගය නිමා කරමින් සිය සේවාදායකයා දිවයිනට පැමිණෙන බවත් මැයි මස 16 වැනි දින සිට විදෙස් ගමන් තහනම යළිත් ක්‍රියාත්මක වන බවත් තම සේවාදායකයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් දන්වා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14