ශාන් පුතාගෙන් දින හතක් ප්‍රශ්න කරන්න අවසර

පිස්තෝලයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රසිද්ධ රැප් ගායක අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ‘ශාන් පුතා’ ඇතුළු සැකකරුවන් තිදෙනා දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.

සැකකරුවන් තිදෙනා ඊයේ (14) රාත්‍රියේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

මීගොඩ ප්‍රදේශයේ දී මිලි මීටර 9 වර්ගයේ ගිනිඅවියක් සමඟ ශාන් පුතා නැමැත්තා ඊයේ (14) උදෑසන අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී ඔහුගේ කළමණාකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ද අත්අඩංගුවට මෙහිදී අත්අඩංගුවට ගැනුණා.

මේ අතර ශාන් පුතා නැමැත්තාට ගිනි අවිය ලබාදුන් බවට මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි අදාළ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ශාන් පුතා සන්තකයේ ඇති බවට අනාවරණය වී ඇත්තේ.

මෙම ගිනි අවිය මාතර – කොටවිල පොලිස් ස්ථානයෙන් සැකකාර කොස්තාපල්වරයා සොරාගෙන මෙලෙස ශාන් පුතාට ලබාදී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..
00:52
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
00:43
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45