ශාන්ත මුදුන්කොටුව ඝාතනයට ආ වෙඩික්කරුවන් ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිවෙයි

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු සති තුනකට පමණ පෙර පන්නිපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට මෙම ඝාතනයට සැලසුම් සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

එහිදී සැකකාර රියදුරා රැඳී සිටි හෝටල් කාමරයට සති දෙකක පමණ කාලයක සිට විවිධ කාන්තාවන් ගෙන්වාගෙන රැය පහන් කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

දින කිහිපයකට පෙර මාතර සිට පැමිණෙන තමන්ගේ හිතවතෙකු දින දෙකක කාලයක් අදාළ හෝටලයේ නවාතැන් ගත යුතු බව හෝටලයේ සේවකයන්ට ඔහු පවසා ඇති බව ද සඳහන්.

පසුව එම පුද්ගලයා අදාළ හෝටලයේ කැඳවාගෙන ඇති සැකකාර රියදුරා ඔහුට එම හෝටලයේ නවාතැන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, එහිදී හෝටල් සේවකයන් පවසා ඇත්තේ ලියාපදිංචිය සඳහා ඔහුගේ හැඳුනුම්පත අවශ්‍ය බවයි.

එම පුද්ගලයාගේ හැඳුනුම්පත නැති වී ඇති බැවින් තමන්ගේ නමින්ම එම කාමරය ද ලියාපදිංචි කර ලබාදෙන ලෙස සැකකාර රියදුරු එම අවස්ථාවේ දී පවසා තිබෙනවා.

ඒ,අනුව වෙඩික්කරු බවට සැකකරන එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු නොකොට නවාතැන් දී ඇති බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

එලෙස නවතැන් ගෙන සිටි රියදුරු සහ වෙඩික්කරු ඊයේ (12) උදෑසන හෝටලයෙන් පිටව යන ආකාරය එම හෝටලයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක ද සටහන් වී තිබෙනවා.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ඊයේ (12) පස්වරුවේ එහි රියදුරු සමඟ තලංගම, පාලම් තුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මේ අතර ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ (12) රාත්‍රී පාදුක්ක, වටරැක, සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා දිනයේ සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
0
+1
7
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?