ශාන්ත මුදුන්කොටුව ඝාතනයට ආ වෙඩික්කරුවන් ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිවෙයි

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු සති තුනකට පමණ පෙර පන්නිපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට මෙම ඝාතනයට සැලසුම් සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

එහිදී සැකකාර රියදුරා රැඳී සිටි හෝටල් කාමරයට සති දෙකක පමණ කාලයක සිට විවිධ කාන්තාවන් ගෙන්වාගෙන රැය පහන් කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

දින කිහිපයකට පෙර මාතර සිට පැමිණෙන තමන්ගේ හිතවතෙකු දින දෙකක කාලයක් අදාළ හෝටලයේ නවාතැන් ගත යුතු බව හෝටලයේ සේවකයන්ට ඔහු පවසා ඇති බව ද සඳහන්.

පසුව එම පුද්ගලයා අදාළ හෝටලයේ කැඳවාගෙන ඇති සැකකාර රියදුරා ඔහුට එම හෝටලයේ නවාතැන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, එහිදී හෝටල් සේවකයන් පවසා ඇත්තේ ලියාපදිංචිය සඳහා ඔහුගේ හැඳුනුම්පත අවශ්‍ය බවයි.

එම පුද්ගලයාගේ හැඳුනුම්පත නැති වී ඇති බැවින් තමන්ගේ නමින්ම එම කාමරය ද ලියාපදිංචි කර ලබාදෙන ලෙස සැකකාර රියදුරු එම අවස්ථාවේ දී පවසා තිබෙනවා.

ඒ,අනුව වෙඩික්කරු බවට සැකකරන එම පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු නොකොට නවාතැන් දී ඇති බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

එලෙස නවතැන් ගෙන සිටි රියදුරු සහ වෙඩික්කරු ඊයේ (12) උදෑසන හෝටලයෙන් පිටව යන ආකාරය එම හෝටලයේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක ද සටහන් වී තිබෙනවා.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ඊයේ (12) පස්වරුවේ එහි රියදුරු සමඟ තලංගම, පාලම් තුන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මේ අතර ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ (12) රාත්‍රී පාදුක්ක, වටරැක, සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා දිනයේ සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37
Video thumbnail
DVගේ කතාව මැද චාමර සම්පත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටිය හැටි
07:21
Video thumbnail
කාන්තාවෝ ඇවිත් ජනපති අනුරට දෙයි රිදෙන්නම - ඒකටත් බදු ගහනවනම් අශිෂ්ටත්වයේ සංකේතයක්
05:20
Video thumbnail
අර්චුනා.. ඔයාට දඬුවම් කරනවා - මූලාසනයෙන් හොඳටම අහගනී
01:19
Video thumbnail
මම මෙතනට ආවේ මගේ තාත්තා නිසා.. ඒ අහිමිවීමට කවුරු හරි දායක වුණානම් ඒ හත්මුතු පරම්පරාවටම ශාප වෙනවා..
00:44