ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිකුත් කෙරේ

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර සංවිධානය කෙරෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (28) ප්‍රකාශයට පත් කළා.

ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 වැනිදා දිවයිනට පැමිණෙන අතර, පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජනවාරි 16 වැනිදායි.
  
සිම්බාබ්වේ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2017 වසරේ දී වන අතර ඒ එක්දින තරග 5කින් යුත් තරගාවලියක් සඳහායි. ගාල්ලේ සහ හම්බන්තොට දී පැවැත්වුණු එම තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගියපැවසුවේ  “සිම්බාබ්වේ තරගාවලියේ එක්දින තරග 3ට අමතරව විස්සයි විස්ස තරග 3ක් පවත්වන්න අපි උත්සාහ කළා, නමුත් අවාසනාවකට අපිට එය කරගන්න බැරි වුනේ, ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භ වීමට දින 14කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට යාමට සිදු විය හැකි නිසා, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති නිසයි”, බවයි.

තරග කාලසටහන පහතින්,

Capture 145235256
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43


?