AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිකුත් කෙරේ

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර සංවිධානය කෙරෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (28) ප්‍රකාශයට පත් කළා.

ජනවාරි 16 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරග පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 වැනිදා දිවයිනට පැමිණෙන අතර, පළමු එක්දින තරගය පැවැත්වෙන්නේ ජනවාරි 16 වැනිදායි.
  
සිම්බාබ්වේ කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2017 වසරේ දී වන අතර ඒ එක්දින තරග 5කින් යුත් තරගාවලියක් සඳහායි. ගාල්ලේ සහ හම්බන්තොට දී පැවැත්වුණු එම තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.
.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගියපැවසුවේ  “සිම්බාබ්වේ තරගාවලියේ එක්දින තරග 3ට අමතරව විස්සයි විස්ස තරග 3ක් පවත්වන්න අපි උත්සාහ කළා, නමුත් අවාසනාවකට අපිට එය කරගන්න බැරි වුනේ, ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භ වීමට දින 14කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට යාමට සිදු විය හැකි නිසා, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති නිසයි”, බවයි.

තරග කාලසටහන පහතින්,

Capture 145235256
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?