ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ ඉන්දියාවේ සිට ගුවන්තොටින් මෙරටට වැඩම කෙරේ

ඉන්දීයාවේ සිට මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට වැඩම කරවනු ලැබුවා.

ඒ අද (04) පස්වරු 04ට පමණයි.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපළේ සිට අද පස්වරුවේ මෙම ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වැඩම කරවීමට නියමිතයි.

ඉන් අනතුරව ජනධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ”ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව” ආරම්භ වන අතර හෙට (05) සිට ලබන 11 වැනිදා දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මහජනතාව සඳහා සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව උදාවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !