ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු විසින් කොවිඩ් ආසාදිතයකු හදුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක් නිර්මාණය කරයි

ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතා විසින් ‘කැස්සේ ශබ්දය අනුව’ කොවිඩ් 19 ආසාදිතයකු ද නැද්ද හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක් නිර්මාණය කර තිබෙනවා.

ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මෙය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 179ක මුදලකට මිලදී ගෙන ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා මාධ්‍ය පවසා ඇත්තේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින් ඔහුට අවශ්‍ය ආධාර ලැබුණු බවය. ‘කොවිඩ් 19’ වසංගතය දරුණුවට පැවැති අවදියේ, දිළිඳු රටවලට එන්නත් ලබා දීමටත්, වෛද්‍ය ආධාර සහ උපකරණ ලබා දීමටත් මැදිහත් වී කටයුතු කළේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමය.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී.සී.ආර් පරීක්ෂණ වෙනුවට ඉදිරියේ දී තමන් හඳුන්වා දී ඇති මෙම නව තාක්ෂණය භාවිතයට ගනිමින් කොවිඩ් ආසාදිතයින් පමණක් නොව වෙනත් විවිධ ස්වසන රෝග තත්ත්වයන් පවා හඳුනාගත හැකි වෙතැයි මහාචාර්යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

මහාචාර්ය උදන්ත අබේරත්න පවසන්නේ මෙම මෙවලම මගින් ගුවන් තොටුපොළ, ක්‍රීඩාගාර සහ වැඩිහිටි නිවාසවල ආසාදිතයින් ඉක්මනින් මෙන්ම පහසුවන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !