AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් ඉන්දියාවේ අත්අඩංගුවට

ඉන්දීය මුහුදු සීමාවට ඇතුලු වූ ශ්‍රී ලංකික ධීවරයින් 8 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා හතරක් ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කල්පිටියෙන් රැකියාව සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් සහ කන්දකුලිය ප්‍රදේශයෙන් පිටත් වූ යාත්‍රා දෙකක්.

මීට පෙර ද අවස්ථා ගණනාවකදී කල්පිටියේ ධීවරයින් මුහුදු සීමා උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටියේ ධීවරයන් චෝදනා කරන්නේ කල්පිටියේ සහ දූපත් ආශ්‍රිත මුහුදට නිතර පැමිණෙන ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන නිරුපද්‍රිතව ආපසු ගමන් ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?