‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහනට දින නියම වෙයි

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිදියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ‘ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශශයෙන් ජනාධිපතිතුමා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරනු ලැබුවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙනවා.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය ‘ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ග වලින් ආචරණය වන පරිදි කලාප 04ක රාජ්‍ය හා පුද්ගලික අංශවල සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග සා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩ සටහන්වලින් සමන්විකව පැවැත්වීමට සුදානම් කර තිබෙනවා.

ඒ අනුව, ‘ ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?