‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහනට දින නියම වෙයි

ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිදියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ‘ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශශයෙන් ජනාධිපතිතුමා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරනු ලැබුවා.

එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙනවා.

ඒ අනුව, ‘ශ්‍රී ලාංකික දිනය ‘ වැඩසටහන 2025 වර්ෂයේ දෙසැම්බර් මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ මහ නගර සභා පිටිය හා විහාර මහා දේවී උද්‍යානය ඇතුළු එම ප්‍රදේශය ආශ්‍රිත පරිශ්‍ර හා ප්‍රධාන මාර්ග වලින් ආචරණය වන පරිදි කලාප 04ක රාජ්‍ය හා පුද්ගලික අංශවල සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

තවද, එකී වැඩසටහන සියලුම ජාතීන් හා ආගම නියෝජනය වන අයුරින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංස්කෘතිකාංග සා ආහාර සංස්කෘතීන් ඇතුළත් වැඩසටහන්, දේශීය කර්මාන්ත ප්‍රදර්ශන හා අලෙවිය, නව නිපැයුම් අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩ සටහන්වලින් සමන්විකව පැවැත්වීමට සුදානම් කර තිබෙනවා.

ඒ අනුව, ‘ ශ්‍රී ලාංකික දිනය’ වැඩසටහන පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  1. ලංකාව අන්තවාදී ත්‍රස්තවාදී මුස්ලිම්කරණය සැඟවීමට ඊනියා සංහිදියා වැඩ පිළිවෙල් හරහා සිංහල හා දමිල ජනතාව ඉරාන පලස්තීන පාස්කු බෝම්බ isis මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් ට පාවා දෙනු එපා . ලංකාව ගාසාව කරනු එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49