ශ්‍රී ලාංකිකයින් කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයට

ශ්‍රී ලාංකිකයින් එකොලස් දෙනෙකුට කොරියානු නැව් ඉදිකිරිම් ක්ෂේත්‍රෙයේ වෑද්දුම් ශිල්පීන් ලෙස රැකියා ගත වීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ පළමු වතාවට කොරියානු රැකියා සඳහා පුහුණු ශ්‍රමික (Skill Workers) වර්ගීකරණය යටතේ පුහුණු ශ්‍රමිකයන් ලෙසින් FCAW සුදුසුකම් සහිත වෑද්දුම් ශිල්පීන් එකොළොස් දෙනෙකු කොරියාවට යොමු කිරීමෙන් අනතුරුවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය වසරේ සිදු කළ කොරියානු නිල සංචාරයේ දී පුහුණු වෘත්තිකයන් සඳහා ඉතා ඉහළ වැටුප් තල සහිත රැකියා අවස්ථා මෙන් ම නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් වෙත ද විවෘත කරන මෙන් නිල වශයෙන් ඉල්ලිමක් කළා.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමිනුයි කොරියාවේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෑද්දුම් ශිල්පීන් සඳහා රැකියා අවස්ථා විවෘත කර ඇත්තේ.

ඒ අනුව යොමු කළ පළමු කණ්ඩායම ලෙස මෙම එකොළොස් දෙනා යොමු කරන ලද අතර මෙම කාණ්ඩය ද ඉතා ම ඉහළ වැටුප් සහිත රැකියා කාණ්ඩයක් වශයෙන් සැලකෙනවා.

එසේ ම මේ වන විට ඔටෝ මොබයිල් ඩිප්ලෝමාව (Auto Mobile Diploma) සහිත වසර පහක පළපුරද්ද ඇති වෘත්තිකයන් සඳහා නැව් පින්තාරුකරුවන් ලෙසින් රැකියා අවස්ථා විවෘත කර ගැනීමට ද අමාත්‍යවරයා විසින් කටයුතු කරමින් සිටින අතර, රජයට අනුබද්ධිත විදේශ රැකියා ඒජන්සිය වන ශ්‍රී ලංකා විදේශ රැකියා එජන්සිය හරහා මෙම අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර 2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6500ක් ලැබී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙරටට 2022 වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණයි.

ඒ අනුව ගතවූ වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1453ක් ලැබී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ලෙසටයි සැලකෙන්නේ.

මෙම රැකියා අවස්ථා 6500 සඳහා අයදුම්කරුවන් 14588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12189ක්, ධීවර අංශය 2149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසින්.

පසුගිය වසරේදී 5047ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබී තිබුණා.

ඒ අනුව මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03