ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට එකඟතා රැසක්

ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකඟතාවයන් කිහිපයකට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනුයි අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ.

සාත්තු සේවක අංශයෙන් දැනට ලැබෙන රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් මේ වන විට ලාංකිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා විවෘත කරගැනීමටත් ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato මහතා සමග මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍ය මනුෂ නානායක්කාර පෙන්වා දී ඇත්තේ.,

ඊට ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යවරයාගෙන් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති අතර ඒ අනුව වැඩි රැකියා අපේක්ෂිතයින් පිරිසකට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට එකඟවී තිබෙනවා.

ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් සහ සුදුසුකම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහාත් මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා එකඟතාවයකට පැමිණි ඇති අතර ඒ සදහා වන මාර්ගෝපදේශයන් කඩිනමින් ලංකාවට ලබාදීමට ද එකඟ වී ඇතැයි සඳහන්.

ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ඇති කරගත් එකඟතාවය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාකාරී සැලසුම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සහ ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය Satoshi Fujimaru මහතා අතර සාකච්ඡාවක් පැවැත් වුණා.

ඔටෝ මොබිල් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන තාක්ෂණික කරුණු එහිදී සාකච්ඡා කළ අතර කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන ඉදිරි පියවර ගැනීමටයි Satoshi Fujimaru මහතා අමාත්‍යවරයා වෙත සහතික වී ඇත්තේ.

ජපානය හා ලංකාව අතර වන ද්වි පාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, විශේෂයෙන්ම කම්කරු ක්ෂේත්‍රෙය් වන සම්බන්ධතාවයන් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙනුත් ජපන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති Yoshitaka Shindo මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආර්ථික වශයෙන් ලංකාව මුහුණදී ඇති අර්බුදකාරී අවස්ථාවේදී ජපානය ලබාදෙන සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාවය පළ කර සිටි අතර මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට සහාය ලබාදෙන ලෙසටයි ඉල්ලා සිටියේ.

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමග ඇතිවී තිබෙන තත්වයන් පිළිබද දෙපාර්ශවය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් අතර එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දායකත්වය ජපාන ශ්‍රම බලකායට ලබාදිය හැකි ආකාරය ගැනද අදහස් හුවමාරු වුණා.

විදේශ ගත ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා සදහා පැමිණීම වඩාත් පහසු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ලැබූ අතර ඒ සදහා ජපාන රජය පාර්ශවයෙන් ගනු ලබන පියවර සම්බන්ධයෙන් ජපන් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපතිවරයා අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කරනු ලැබුවා.

ජපානයේ රැකියාවක් කිරීමේදී ජපන් භාෂාව, ජපන් සංස්කෘතිය සහ හර පද්ධතීන් පිළිබදව පැහැදිළි අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ඔහු කරුණු පැහැදිලි කර තිබෙනවා.

ජපානයට විදේශ ශ්‍රමිකයින් බදවා ගනු ලබන ප්‍රධාන පෙලේ ආයතනයක් වන Global Workforce ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Morihiro Tada මහතා හමුවූ මනුෂ නානායක්කාර අමාත්‍යවයරයා පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසටයි ඉල්ලීමක් කළේ.

ඒ සදහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීමටද දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබෙනවා.

පුහුණු ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සදහා කනමි හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Takanobu Osak, ජාත්‍යන්තර බදවා ගැනීම් අංශයේ ප්‍රධානී Hirokimi Kagei, ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් සහ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29