ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට ප්‍රචාරය වන ඇතැම් අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමට අපේක්ෂා කරන බව එම ගුවන් සමාගම පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකි බවට තහවුරු කරන බවයි.

පවතින තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගුවන් ගමන් කාලසටහන්වල වෙනස්වීම් සිදුකර ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා තෝරාගත් විදේශීය ගුවන් තොටුපළවල තාක්ෂණික නැවතුම් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව ඇතැම් ගුවන් ගමන්වල වේලාව සහ කාලසීමාවේ යම් වෙනස්කම් සිදුවිය හැකි බවයි ගුවන් සමාගම සඳහන් කළේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කාලසටහන් සංශෝධනවල බලපෑම නොතකා තම ගුවන් ගමන් කාලසටහන 100%කට ආසන්න කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?