ශ්‍රී ලංකා සවි එසවීමේ ශුරයාට තවත් ජ්‍යාත්‍යන්තර රන් පදක්කමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ” විවෘත ක්ලැසික් ලීග් ” ( Dubai Open Classic Leaque ) සවි එසවීමේ ජාත්‍යාන්තර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක , එහි “ප්‍රෝ ” ( Pro ) අංශයෙන් තරග කරමින් 
“ඩෙඩ් ලිෆ්ට් ” ( Ded Lift ) ක්‍රමයට කිලෝ ග්රෑම් 315 ක බර ඔසවමින් , වාර්තාවක් තබා, එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම දිනාගනු ලැබුවා.

ලැබූ ජහග්‍රහණයත් සමඟින් ඔහු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය සදහා ලෝකයේ සවි එසවීමේ ඉහළම දක්ෂතා වාර්තා කර ඇති රටවල් 10 ක ක්‍රීඩකයින් සදහා ආරාධනා ලැබී තිබූ අතර, තරගාවලිය 18 සහ 19 යන දෙදින පුරාවට ඩුබායිහිදී පවත්වා තිබුණා .
මීට පෙර තබා තිබූ වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීමට ඔහුගේ බිරිඳ, දියණිය, දෙමාපියන් සහ ඔහුගේ සහෝදර ක්‍රීඩකයින් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?