ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක වියස්කාන්ත් විජයකාන්ත්ට IPL කණ්ඩායමකින් ඇරයුමක්

මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හඳුනාගත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන වියස්කාන්ත් විජයකාන්ත් හට 2023 අයි.පී.එල්. තරගාවලියට ඇරයුමක් ලැබී තිබෙනවා.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන වියස්කාන්ත්ට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මෙම අවස්ථාව උදාකර දී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පුහුණුවීම් අතර තුර නෙට් පන්දු යවන්නෙක් ලෙස කටයුතු කිරීමටයි අවස්ථාව හිමිව ඇත්තේ.

මේ අතර වියස්කාන්ත් විජයකාන්ත්ගේ ප්‍රියතම ක්‍රීඩකයා වන ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් යටතේ ද කටයුතු කිරීමට මෙවර තරගාවලියේ දී ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙවර තරගාවලිය තුළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර සංගක්කාර කටයුතු කරන අතර, වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?