AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පැරිස් බලා පිටත් ව යයි (ඡායාරූප)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වීමට ඊයේ (24) රාත්‍රියේ දී කටුනායක ගුවන්තොටුපොළින් පිටව ගියා.

ඒ මෙවර ඔලිම්පික් සත්කාරකත්වය දරන ප්‍රංශයේ පැරිස් නුවර බලා යි.

මෙම මලල ක්‍රීඩා කණ්ඩායමට තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වන මලල ක්‍රීඩකයින් තිදෙනකු, පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු සමගින් නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන සඳහන් කළා.

මෙම ක්‍රීඩකයින් රැගත් කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානය ඊයේ රාත්‍රී 9.15ට මෙරටින් පිටත් ව ගිය අතර; ඔවුන් කටාර්වලින් ප්‍රංශය බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යනු ඇති.

20240724 184619 scaled
20240724 184617 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?