ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වසර 3කට පසු ලැබූ ජය

වසර 3 කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ භූතාන කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්.

ෆීෆා සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර තරගය ඊයේ (250 රාත්‍රී පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේ දී.

තරගය නැරඹීමට 70000කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් රැස්ව සිටීම ද මෙරට පාපන්දු පිටියේ දුර්ලභ දසුනක් වුණා.

තරගයේ පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොමැතිවයි.

දෙවැනි අර්ධයේ දී වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 45 වැනි මිනිත්තුවේදී ඩිලෝන් ද සිල්වා හා 54 වැනි මිනිත්තුවේදී ඔලිවර් ජේම්ස් ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගය ශ්‍රී ලංකා හිටපු නායක මොහොමඩ් ෆසාල්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වූ අතර ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීමත් විශේෂත්වයක්.

ෆසාල් වසර 16ක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 53ක් ක්‍රීඩා කර ඇති අතර 2018 -2019 කාලය තුළ නායකයා ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා තිබුණේ 2021 වසරේ දී.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගෝල 2 – 1ක් ලෙසින්.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 204 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම වර්ගීකරණයේ 184 වැනි ස්ථානයේ සිටින භූතාන කණ්ඩායම පරාජය කළේ වසර 11 කට පසුව වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?