ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වසර 3කට පසු ලැබූ ජය

වසර 3 කට පසු ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා.

ඒ භූතාන කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්.

ෆීෆා සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ භූතානය අතර තරගය ඊයේ (250 රාත්‍රී පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේ දී.

තරගය නැරඹීමට 70000කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් රැස්ව සිටීම ද මෙරට පාපන්දු පිටියේ දුර්ලභ දසුනක් වුණා.

තරගයේ පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොමැතිවයි.

දෙවැනි අර්ධයේ දී වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 45 වැනි මිනිත්තුවේදී ඩිලෝන් ද සිල්වා හා 54 වැනි මිනිත්තුවේදී ඔලිවර් ජේම්ස් ගෝල වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගය ශ්‍රී ලංකා හිටපු නායක මොහොමඩ් ෆසාල්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වූ අතර ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වීමත් විශේෂත්වයක්.

ෆසාල් වසර 16ක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 53ක් ක්‍රීඩා කර ඇති අතර 2018 -2019 කාලය තුළ නායකයා ලෙස කටයුතු කළා.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රහණයක් ලබා තිබුණේ 2021 වසරේ දී.

ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගෝල 2 – 1ක් ලෙසින්.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි 204 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එම වර්ගීකරණයේ 184 වැනි ස්ථානයේ සිටින භූතාන කණ්ඩායම පරාජය කළේ වසර 11 කට පසුව වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12