ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 257කට සීමා කරන්නට ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණිය සමත් වුණා.
ඒ අද (07) පෙරවරුවේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹි වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අරඹමින්.
ඊයේ දිනය නිමාවන විට කාසියේ වාසිය දිනා පළමු ඉනිම පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් බිඳ වැටී ලකුණු 229ක් ලබා සිටියා.
ඒ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරමක් ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටියිදයි.
කෙසේවෙතත් අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ළහිරු කුමාර යි.
ඒ ලකුණු 07ක් ලබා සිටියදි කුහ්නමන් යොමු කළ පන්දුවක් හමුවේ යි.
කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තා.
ඒ අනුව ඔස්ට්‍රෙලියාවට ශ්‍රී ලංකාවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 257ක ඉලක්කයක් හිමිවුණා.
කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් ස්ටාක් ලියෝන් සහ කුහ්නමන් කඩුලු 03 බැගින් බිඳ දැමුවා.
එක් කඩුල්ලක අයිතිය හිමිවූයේ ට්‍රැවිස් හෙඩ් හට යි.