ශ්‍රී ලංකා නායිකා චමරිගෙන් ලෝක 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

2024 ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ (26) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේ ජයග්‍රහණය සොයා හෙට (28) ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට පිවිසෙනවා.

මෙවර තරගාවලියේ පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ කඩුලු තුනකින්.

මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා පිත්තෙන් වැඩි දායකත්වයක් සැපයූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ සිය 11 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

මේ අතර විස්සයි විස්ස පිටියේ වාර්තාවක් පිහිටුවන්නට චමරිට මෙම වටිනා ඉනිමත් සමඟ හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී කණ්ඩායමක නායිකාවක් ලෙස රැස්කරගෙන සිටින වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිත්වය තමන් සතුකර ගනිමින්.

චමරි මේ වනවිට නායිකාවක් ලෙස ජගත් විස්සයි විස්ස පිටියේ ඉනිම් 92ක දී ලකුණු 2623ක් රැස්කරගෙන නායිකාවන් අතර පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඕස්ට්‍රේලියානු කාන්තා 20-20 නායිකාව ලෙස කටයුතු කළ මෙග් ලැනින් වන අතර ඇය විස්සයි විස්ස තරග 89ක දී නායිකාවක් ලෙස ලකුණු 2619ක් රැස්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
156
+1
4
+1
53
+1
5
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?