ශ්‍රී ලංකා නායිකා චමරිගෙන් ලෝක 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

2024 ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුකම් ලබන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ (26) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේ ජයග්‍රහණය සොයා හෙට (28) ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට පිවිසෙනවා.

මෙවර තරගාවලියේ පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ කඩුලු තුනකින්.

මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා පිත්තෙන් වැඩි දායකත්වයක් සැපයූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඊයේ සිය 11 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

මේ අතර විස්සයි විස්ස පිටියේ වාර්තාවක් පිහිටුවන්නට චමරිට මෙම වටිනා ඉනිමත් සමඟ හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දී කණ්ඩායමක නායිකාවක් ලෙස රැස්කරගෙන සිටින වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිත්වය තමන් සතුකර ගනිමින්.

චමරි මේ වනවිට නායිකාවක් ලෙස ජගත් විස්සයි විස්ස පිටියේ ඉනිම් 92ක දී ලකුණු 2623ක් රැස්කරගෙන නායිකාවන් අතර පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඕස්ට්‍රේලියානු කාන්තා 20-20 නායිකාව ලෙස කටයුතු කළ මෙග් ලැනින් වන අතර ඇය විස්සයි විස්ස තරග 89ක දී නායිකාවක් ලෙස ලකුණු 2619ක් රැස්කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
156
+1
4
+1
53
+1
5
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58