ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු සහ අවසන් 20-20 තරග සඳහා ඉහළ ප්‍රේක්ෂක ඉල්ලුමක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි විසස තරගාවලිය අද (28) ආරම්භ වනවා.

මවුන් මවුන්ගනුයි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරග මෙරට වේලාවෙන් පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ සහ තුන්වන තරගය සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍ර සියල්ලම මේ වනවිට අලෙවි වී ඇති බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වුණේ.

මෙම තත්ත්වය මත අද තරගය සඳහා තවත් අමතර ප්‍රවේශපත්‍ර 500ක් ද නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ප්‍රේක්ෂකයින් 10,000කට අධික සංඛ්‍යාවකට එකවර නැරඹිය හැකි බේ ඕවල් ක්‍රීඩාංගණයේ වැඩි පිරිසක් බිම වාඩි වී තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරගෙන ඇති බව සඳහන්.

මේ අතර නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දෙවන තරගයේ ප්‍රවේශ පත්‍ර තවමත් ඉතිරි වී ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ දක්වා විස්සයි විස්ස තරග 25ක් පවත්වා ඇති අතර, ඉන් තරග 14ක් නවසීලන්තය ද තරග 10ක් ශ්‍රී ලංකාව ද ජයගෙන තිබෙනවා.

එක තරගයක් අවසන් වී ඇත්තේ ප්‍රතිඵලයකින් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?