ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කාරක සභාවේ අනු කමිටුවක් හමුවට

තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳ කෝප් කමිටුවේ කනස්සල්ල පළවී තිබෙනවා.

තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානය යොමුවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවා තිබුණේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයයි.

මෙහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ඩී. මෙල් යන මහත්වරුන් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබුණා. එසේම 2018 සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීම සිදු වී තිබෙනවා.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබඳ අවධානය යොමු වුණා.

තේ කර්මාන්ත ක්ෂේත්‍රය ආවරණය වන පරිදි කෝප් අනු කමිටුවක් පත් කෙරේ

තේ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කෝප් අනු කමිටුවක් පත් කිරීමට මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා නිර්දේශ කිරීම සිදු විය. මේ අනුව ඉදිරියේදී මෙම අනු කමිටුව සඳහා සභාපතිවරයෙකු පත් කිරීම සිදු කරන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත යොමු කළ ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුරු ප්‍රමාණවත් නොවන බනත් මේ නිසා මෙම විගණකාධිපති වාර්තාවේ සඳහන් වන කරුණු පිළිබඳව අනු කමිටුව පත් කිරීමෙන් පසු දීර්ඝව විමසා බැලීම සිදු කරීමට බලාපොරොත්තු වන බවත් කමිටුව සඳහන් කළේය.

තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය

තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අප්‍රසාදය පළ කළේය. මේ මගින් ලැදියාවන් අතර ගැටුමක් පෙනී යන බවද කමිටු සභාපතිවරයා සඳහන් කළේය. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යෑම නිසා වැඩබලන තනතුර සඳහා මෙම නිලධාරියා පත් කළ බවයි. එසේම මේ සම්බන්ධයෙන් වන සම්මුඛ පරීක්ෂණය සති දෙකකින් පවත්වන බවද නිලධාරීහු සඳහන් කළේය. මේ අනුව ඉකිමනින් මෙම පුරප්පාඩුව පිරවීමට කමිටුව උපදෙස් ලබා දෙන ලදි.

අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය

අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තණතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.විශේෂයෙන්ම මෙහිදී මෙම තනතුරද ඇතුළුව විධායක ශ්‍රේණියේ තනතුරු 4ක් සහ තවත් තනතුරු 81 ක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කමිටුව ප්‍රශ්න කරන ලදි. මෙහිදී පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2018 වර්ෂයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය කෝප් කමිටුවට කැදවූ අවස්ථාවේදී මෙම තනතුරු අවශ්‍ය නොවන බව සඳහන් කළ බවත් මේ නිසා බඳවා ගැනීමට කටයුතු නොකළ බවත්ය. මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ 2016 අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති මෙම තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම අමාත්‍ය මණ්ඩලය පවා මගහැර කටයුතු කිරීමක් බවයි. මෙසේ අමාත්‍ය මණ්ඩල තීරණය මගහැර කටයුතු කිරීමට මෙම ආයතනයට නොහැකි බව පෙන්වා දුන්නේය. කෝප් කමිටුව දැනුවත් කිරීම මෙහිදී ප්‍රමාණවත් නොවන බවත් මෙම තනතුරු අවශ්‍ය නොවේනම් අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග අනුගමණය කළ යුතු බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. එසේම නිලධාරීන් ලබාදෙන පිළිතුරු පිළිබඳවද මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සිය අප්‍රසාධය පළ කළේය.

එසේම මෙම තනතුරු පිරවීමට කටයුතු නොකර තේ ප්‍රවර්ධනය සඳහා විධිමත් බවකින් තොරව විශාල වශයෙන් මුදල් වියදම් කිරීම පිළිබඳවද මෙහිදී කමිටුවේ අප්‍රසාදය පළ විය. තවද පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වෙළඳ දැන්වීම් සඳහා වෙළඳපොල වටිනාකම ඉක්මවමින් වෙළඳ දැන්වීම් සමාගම් සඳහා මුදල් ලබාදී ඇති බවයි. එසේම අත්තිකාරම් මුදල වෙනුවට අදාළ දැනිවීම් සකස්කිරීම සඳහා සමිපූර්ණ මුදල ලබාදීම පිළිබඳවද මෙහිදී කමිටුව ප්‍රශ්න කරන ලදි. මේ අනුව මේ පිළිබඳ සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.

ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය

පෞද්ගලික සමාගමක් සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමිටුවේ අප්‍රසාදය පළ විය. මේ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන සේවා මත ප්‍රසම්පාදන කටයුතු සිදු කළ යුතු වුවත් රු. 53,964,995 කට පෞද්ගලික ආයතනයක් තෝරා ගැනීම පිළිබඳ මෙහිදී ප්‍රශ්න කරන ලදි. මේ අනුව මාස 18 ක කාලයක් ඇතුළත මෙම පද්ධතිය සකස් කළ යුතු වුවත් වසර 3 කට ආසන්න කාලයක් ගතවුවද මෙම තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් නොකිරීම පිළිබඳ කමිටුව සිය අප්‍රසාද පළ කළේය. විශේෂයෙන්ම මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා දැනට වසර 07 ක් ගතවී ඇති වනත් කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මේ නිසා මාස තුනකින් මෙම ආයතනය නැවත කෝප් කමිටුවට කැඳවන බවත් එහිදී මේ පිළිබඳ නිවැරදි පිළිතුරක් අවශ්‍ය බවත් කමිටුව සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය ලෙස පවතින රුපියල් බිලියන 9 ඉක්මවූ මුදල වියදම් කිරීම පිළිබඳ කෝප් කමිටුව වාර්තාවක් කැඳවයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය තේ ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් කිරීම සෑහීමකට පත්විය නොහැකි බැවින් තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ ශේෂය ලෙස පවතින රුපියල් 9,869,442,652 ක මුදල වියදම් කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ කෝප් කමිටුවට සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කළේය.

2020 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට පටහැනිව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම පිළිබඳ අවධානය

2020 ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට පටහැනිව ක්‍රියාකිරී අධ්‍යක්ෂවරයෙක් පත් කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී පනතට අනුව මේ සඳහා බලතල ඇති බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. මේ අනුව මේ සම්බන්ධයෙන් මත දෙකක් පවතින බවත් මේ නිසා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසත් කෝප් කමිටුව නිර්දේශ කළේය.

එසේම ලෝක වෙළඳපොළ තුළ සිලෝන් ටී ඉල්ලුම අවම වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29