UPDATE: ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් මාදුරු ඔයට කඩා වැටෙයි(වීඩියෝ)

Update: අනතුරට ලක් වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයින් 11 දෙනාගෙන් 09 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

——————————————————

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටී තිබෙනවා.

අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පියාසර ඇරඹි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ගුවන් පුහුණු සැසියකට එක් ව සිටි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

කෙසේවෙතත් ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි ගුවන් නියමුවන් දෙදෙනා සමග තවත් නිලධාරීන් පිරිසක් සිට ඇති අතර ඔවුන් තුවාල ලබා ඇති බවත්, ජීවිත අවදානමක් නොමැති බවත් වාර්තා වනවා.

තුවාලකරුවන් මුදා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?