UPDATE: ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් මාදුරු ඔයට කඩා වැටෙයි(වීඩියෝ)

Update: අනතුරට ලක් වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයින් 11 දෙනාගෙන් 09 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

——————————————————

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටී තිබෙනවා.

අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පියාසර ඇරඹි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ගුවන් පුහුණු සැසියකට එක් ව සිටි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී තිබෙනවා.

කෙසේවෙතත් ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ දී එහි ගුවන් නියමුවන් දෙදෙනා සමග තවත් නිලධාරීන් පිරිසක් සිට ඇති අතර ඔවුන් තුවාල ලබා ඇති බවත්, ජීවිත අවදානමක් නොමැති බවත් වාර්තා වනවා.

තුවාලකරුවන් මුදා ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14