ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනයේ ටෙන්ඩරයක් නිසා සමාගමකට දැවැන්ත පාඩුවක්

ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනය සඳහා බස් රථ තුනක් සැපයීමට ලබාගත් ටෙන්ඩරයක් අහිමි කිරීම තුළින් පෞද්ගලික ආයතනයකට අමෙරිකානු ඩොලර් 738,000 ක මුදලක් පාඩු වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ඊයේ (03)නියෝග කළා.

පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකු මෙන්ම එහි අධ්‍යක්ෂකවරයකු වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ජනක විජේනායක නමැති අයකු එම අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම වූ බවයි වාර්තා වන්නේ.

විදෙස් නිෂ්පාදකයන්ගේ අවසරලත් දේශීය නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තම ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට භාණ්ඩ හා සේවා සැපයුම් කරන බව ද එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනයට මගී පර්යන්ත බස් රථ තුනක් සැපයීම සඳහා තම ආයතනය චීනයේ ආයතනයක් සමඟ සබඳතා පැවැත් වූ බව ද ඊට අදාළ දත්ත තම ආයතනය සතුව තිබූ බව ද ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.

එසේ තිබියදී පැමිණිලිකරු යටතේ වැඩ කරන එහි සේවකයෙකු එම ටෙන්ඩර් සිද්ධියට අදාළ සියලු දත්ත මකා දමා එම සියලු දත්ත වෙනත් පෞද්ගලික ආයතනයක් වෙත ලබා දී ඇති බව ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

මෙම වංචනික සිද්ධිය නිසා තමාට විශාල අගතියක් මෙන්ම අමෙරිකානු ඩොලර් 738,000 පාඩුවක් සිදු ව ඇති බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා තමන්ට සහනයක් ලබා දෙන ලෙස ද ඔහු සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58