ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනයේ ටෙන්ඩරයක් නිසා සමාගමකට දැවැන්ත පාඩුවක්

ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනය සඳහා බස් රථ තුනක් සැපයීමට ලබාගත් ටෙන්ඩරයක් අහිමි කිරීම තුළින් පෞද්ගලික ආයතනයකට අමෙරිකානු ඩොලර් 738,000 ක මුදලක් පාඩු වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ඊයේ (03)නියෝග කළා.

පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකු මෙන්ම එහි අධ්‍යක්ෂකවරයකු වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ජනක විජේනායක නමැති අයකු එම අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම වූ බවයි වාර්තා වන්නේ.

විදෙස් නිෂ්පාදකයන්ගේ අවසරලත් දේශීය නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තම ආයතනය රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට භාණ්ඩ හා සේවා සැපයුම් කරන බව ද එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවා ආයතනයට මගී පර්යන්ත බස් රථ තුනක් සැපයීම සඳහා තම ආයතනය චීනයේ ආයතනයක් සමඟ සබඳතා පැවැත් වූ බව ද ඊට අදාළ දත්ත තම ආයතනය සතුව තිබූ බව ද ඔහු සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.

එසේ තිබියදී පැමිණිලිකරු යටතේ වැඩ කරන එහි සේවකයෙකු එම ටෙන්ඩර් සිද්ධියට අදාළ සියලු දත්ත මකා දමා එම සියලු දත්ත වෙනත් පෞද්ගලික ආයතනයක් වෙත ලබා දී ඇති බව ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

මෙම වංචනික සිද්ධිය නිසා තමාට විශාල අගතියක් මෙන්ම අමෙරිකානු ඩොලර් 738,000 පාඩුවක් සිදු ව ඇති බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා තමන්ට සහනයක් ලබා දෙන ලෙස ද ඔහු සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?