AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට – චමරි කණගාටුවෙන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (13) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 648 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 10.00ට පමණ කටුනායකට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

දිවයිනට පැමිණි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තරග පරාජයන් සම්බන්ධව කණගාටුවට පත්වන බවයි.

තරග පරාජය සඳහා දුර්වල පිතිකරණය සහ පන්දු රැකීම බලපෑ බවයි චමරි එහිදී සඳහන් කළේ.

මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම කණ්ඩායමක් ලෙස අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යෑමට හොඳ අවස්ථාවක් බව ද ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුනේ ඔවුන් මූලික වටයේ සහභාගී වූ සියලුම තරග පරාජයට පත්වීම හේතුවෙන්.

                   .



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?