ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට – චමරි කණගාටුවෙන් (වීඩියෝ)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (13) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 648 දරණ ගුවන් යානයෙන් රාත්‍රී 10.00ට පමණ කටුනායකට පැමිණි බවයි ගුවන්තොටුපොළ දසත වාර්තාකරු සඳහන් කළේ.

දිවයිනට පැමිණි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම තරග පරාජයන් සම්බන්ධව කණගාටුවට පත්වන බවයි.

තරග පරාජය සඳහා දුර්වල පිතිකරණය සහ පන්දු රැකීම බලපෑ බවයි චමරි එහිදී සඳහන් කළේ.

මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම කණ්ඩායමක් ලෙස අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරියට යෑමට හොඳ අවස්ථාවක් බව ද ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුනේ ඔවුන් මූලික වටයේ සහභාගී වූ සියලුම තරග පරාජයට පත්වීම හේතුවෙන්.

                   .



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
1
+1
13
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46